නාට්‍ය කලාවේ අපේ සළකුණ |
ලෝකය රඟ මඬලකි. අපි එහි රඟන නළු නිළියන්ලු... ඉතින් රඟපාන එක අපි කාටවත් අලුත් දෙයක් නෙවෙයිනෙ. ජීවිතයේ විවිධ ජවනිකා රඟපාන මෙඩ්ඩන්ට නළුවෙක්ගෙ ජවනිකාවක් රඟපාන්න ලැබෙන කදිම අවස්ථාවක් තමයි "අවුරෝරා".
අවුරෝරාවලදි එක එක අධ්‍යයන වර්ෂවල නාට්‍ය, තරගයක් ලෙස එළි දක්වනව. වෙද පියසේ ඉගෙන ගන්න අයියලා අක්කලා නංගිලා මල්ලිලා තම තමන්ගේ රංගන හැකියාවන් අවුරෝරා වේදිකාවේ පෙන්නාවි.
මේ නව නිර්මාණ, වේදිකාවේ නාට්‍ය කලාවේ හසල දැනුමක් ඇති ප්‍රවීණ රංගශිල්පීන් විසින් ඇගයීමට ලක් කරාවි.
නළුකමට දක්ෂ අපේම සහෝදර සහෝදරියන් තිළිණ ලබාවි.
මේ හැම දේකටම වැඩියෙන් නාට්‍යයක් බලලා, නාට්‍යයක රඟපාලා අපි ලබන ආස්වාදය,ඒ සුන්දර මතකය අපි හැමෝගෙම ජීවිතය පුරාවටම මුවගට සිනහවක් ගෙන ඒවි. ඒ සිනහව අභියෝග ජයගන්න මහ පන්නරයක් වේවි.
![]() |
නාට්‍ය කලාවේ අපේ සළකුණ |