11 June 2012

Caged නාට්‍යය


දීප මංජරියේ දෙවැනි දවසේ, ඒ කියන්නේ ජූනි 12 වෙනිදා සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නැවුම් අත්දැකීමක් ශිෂ්‍ය පොදු විවේකාගාරයේදී දිග හැරෙනවා.ඒ 'caged' , නම් පර්යේෂණාත්මක නව්‍ය නාට්‍යකරණයේ අලුත් ම නිර්මාණයක්.
'caged' කියන්නෙ රාමු වලින් කො‍ටුවෙලා ජීවත්වෙන අපි වගේ ම මිනිසුන් ගැන අලුත් විදිහකට කතා කරන නාට්‍යක්. ආදරය, විවෘත සබැඳියාවන්, සාම්ප්‍රදායික විවාහයන්, සමලිංගිකත්වය, මානුෂිකත්වය වගේ සමාජයේ එක එක පුද්ගලයන් එක එක රාමුවලට කො‍ටුවෙලා කතා කරන මාතෘකාවන් කලාත්මක නිර්මාණයකට කැටි කරපු මෙය 'සාෆීර්' නම් නව පරපුරේ අධ්‍යක්ෂකවරයාගේ සාර්ථක වෑයමක්.
නළු නිළියන් දහ දෙනෙකුගේ රංගනයෙන් හැඩවුණු මේ නිර්මාණයේ අපූරු බව එහි භාවිතා කරන ඇඳුම් පැළඳුම් වලින් පවා මොනවට නිරූපණය වෙනවා. එකිනෙකට වෙනස් දර්ශණ පහක් භාවිතා කරන මේ නිර්මාණයේ ආලෝකකරණය, රංග වින්‍යාසය ආදී සියල්ලම අලුත් අත්දැකීමක් වෙන බව නම් කිසිම සැකයක් නෑ.
දේශීය හා විදේශීය දර්ශණවාර රාශියකදී පැසසුමට ලක් වූ 'caged' කොළඹ වෙද පියසේදී ජූනි 12 වනදින සවස 6.30ට ප්‍රදර්ශණය කෙරෙනවා.
විවිධත්වයෙන් පිරුණු, සාම්ප්‍රදායෙන් මිදුණු නැවුම් නාට්‍යයක රස විඳීම වෙද සිසුසිසුවියන්ට සොඳුරු මතකයක් එකතු කරාවි.

No comments:

Post a Comment