ගී දැහැනට අපේ වෙද පියස සැරසුනේ මෙන්න මෙහෙමයි... |
රෑ තුන්යම පුරා පැල් රකිද්දි පාලුව කාන්සිය තනිකම මකාගන්න අපේ ගැමියෝ ඉස්සර පැල් කවි කිව්වා. වස් දඬු රාවයක් එහෙමත් වැරදුනේ එහෙමත් වෙලාවකට. ඒ වගේම ඉඳලා හිටලා කට්ටිය එකට එකතු උනාම සර්පිනාවක් තබ්ලාවක් එක්ක බටනලාවකුත් පෑහිලා පොඩි පැදුරු සාජ්ජත් දැම්මා.
සොබා දහමත් එක්ක පෑහිලා හරි අපූරු දිවියක් ගෙවපු මෙයාලා ඒ වගේ දේවල් තුලින් හරිම අහිංසක, කලාත්මක සතුටක් ලැබුවා.
කාලයත් එක්ක පැදුරු සාජ්ජ සමාජයෙන් වියැකී යන්න වුණා. ඒත් එවන් දෙයකින් ලැබෙන සියුම් රස වින්දනය අපි කාගෙ කාගෙත් හිත් කොනක තැම්පත්වෙලා අදටත් ඉතිරි වෙලා තියෙනවා. හිත් තුල හැංගිලා තියෙන මෙන්න මේ සියුම් තැන අවදි කරන්න තමයි 'art එකේ අපි' ප්‍රභාෂ්වරී ගී දැහැන නමින් 'පැදුරු සාජ්ජයක්' සංවිධානය කරන්නේ.
ලාංකීය සංගීත ක්ෂේත්රයේ නූතන ගාන්ධර්වයන් ලෙසට අපි කවුරුත් ආස කරන ආදරය කරන,
- ඉන්ද්‍රාණි පෙරේරා
- එඩ්වඩ් ජයකොඩි
- චරිතා ප්‍රියදර්ශනී
- කීර්ති පැස්කුවල්
- රොඩ්නි වර්ණකුල
ගී දැහැනට අපේ වෙද පියස සැරසුනේ මෙන්න මෙහෙමයි... |
එකිනෙකට වෙනස් වුණු ශෛලීන් කිහිපයක් ඔස්සේ ප්‍රභාෂ්වරී ඔබ හමුවේ දිග හැරෙනවා.
අපි කවුරුත් දන්න කියන සරත් විජේසූරිය මහැදුරුතුමාගේ මෙහෙයවීමෙන් සිද්දවෙන මේ 'පැදුරු සාජ්ජය' සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලීය වාද්‍ය වෘන්දයේ සුමියුරු සත්සර රාවයෙන් තවත් හැඩ වෙනවා.
වර්ෂ 2012ක් වූ ජූනි මස 11 වෙනිදා හවස 6.30ට සිසුසිසුවියන්ගේ පොදු විවේකාගාරයේ පැවැත්වෙන මේ 'පැදුරු සාජ්ජය' වෙද සිසුසිසුවියන්ගේ සිත් තුල නවමු සුන්දර මතයක් රඳවාවි.
No comments:
Post a Comment