31 May 2012
ආරම්භය...
මුළු වෛද්‍ය පීඨයම ඉංග්‍රිසියෙන් ලියන්නට, කියන්නට, උගැන්මට මෙන්ම කථාබහටද හුරුව සිටි කාලයක වෛද්‍ය සිසු සිසුවියන්ට සිංහලකම වගේම අපේකම හඳුන්වාදීමේ අරමුණින් කලා සංගමය 1975 වර්ෂයේදී බිහි වුණේ 'කලා කවය' යන නාමයෙන්.මහත් බාධක කම්කටොළු මැද්දෙන් මේ උඩුගං බලා යෑම ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේ එවකට වෛද්‍ය සිසුන් ලෙස සිටි, ආරම්භක සභාපති, චර්ම රෝග විශේෂඥ වෛද්‍ය කමලදාස මහතාට, ආරම්භක ලේකම් මහාචාර්ය සරෝජ් ජයසිංහ මහතාට හා ආරම්භක කණිෂ්ඨ භාණ්ඩාගාරික, ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ රන්ජන් ඩයස් මහතාටයි.
කලාකවයේ උපදේශක මණ්ඩලය විදිහට මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතාත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාත් වෛද්‍ය නාරද වර්ණසූරිය මහතාත් නිරතුරුවම සහය ලබා දුන්නා.
ඒ වගේම එවකට වෛද්‍ය සිසු සිසුවියන් ලෙස සිටි වෛද්‍ය ආරියසේන එල්. ගමගේ මහතාත් වෛද්‍ය සරෝජා සිරිවර්ධන මහත්මියත් වෛද්‍ය බී. සෝමරත්න මහතාත් කලා කවයේ ආරම්භක සාමාජික සාමජිකාවන් විදිහට එහි ඉදිරි ගමනට දිරි දුන්නා.
අද වගේම එදත් කලා සංගමයේ ප්‍රධාන අරමුණ වුණේ වෛද්‍ය පීඨ සිසු සිසුවියන්ගේත් ආචාර්ය මණ්ඩලයේත් කලා හැකියාවන් ඔප් නංවමින් ඉදිරියට ගෙන යෑම වගේම ඔවුන්ගේ රස වින්දනාත්මක ශක්තිය දියුණි තියුණු කිරීමයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment