13 June 2012

අපේ පැදුර


එන්න... unplugged සංගීතයේ අසිරිය විඳගන්න...

සංගීතය කලාවත් එක්ක නිතර බැඳිලා තියෙන සුන්දර මාතෘකාවක්. අපි හැමදෙනාගෙ ම ආත්මයන් තුළ සංගීතය ඉතා සියුම් විදිහට හැංගිලා තියෙනවා.ඒ සැඟවුණු සංගීතය පරිබාහිරයට නියමාකාරයෙන් ඉදිරිපත් කිරීමෙන් තමයි, සාමාන්‍ය කට වහරෙන් කියනවානම් 'සංගීතකාරයෙක්' බිහිවෙන්නේ. අපේ මේ කලා සතිය සංගීතයට විශේෂ තැනක් දෙන්න හිතුවා.

ඒ නිසාවෙන් ම ප්‍රභාෂ්වරී ගී දැහැනට අමතරව අපි අපේ ම පැදුරක් එළිදක්වනවා.

සුභාවිත, මියුරු සත්සර රාවයෙන් හැඩවැඩ වෙන අපේ පැදුරේ ගී ගයන්නෙත්, වයන්නෙත් අපි අපිමයි.ඒ ලස්සන සත්සර රාවයන් තුල අතරමං වෙමින් ගී පද වැල් මුමුණන්නට ජූනි 14 සවස 6.30ට ශිෂ්‍ය පොදු විවේකාගාරයේදී දිග හැරෙන 'අපේ පැදුර' මහඟු ඉඩහසරක් සපයාවි.

No comments:

Post a Comment