09 June 2012

දීප මංජරී

මේ දවස්වල art එකේ අපි අලුත් ම වැඩක් කරනවා. අපේ අතීත සිද්දි ගැන ඉදිරි ලිපි වලින් බ්ලොග් එකට එකතු කරනකම්, මේ සිද්දවෙන අලුත්ම වැඩේ ගැන ලිපි පෙලක් ඉදිරිපත් කරන්නම්...

හැමදාම කාන්තාරයට හිරිපොද වැස්සක් නැති උනාට කාන්තාරයටත් වැහි වහිනවා. හැමදාම වහින වැස්සෙ අගයක් නැති උනාට ඉඳලා හිටලා හරි කාන්තාරෙ වැලිකැට අතරින් පොළොව සිපගන්න පතිත වන මේ වැස්ස හරීම ලස්සනයි, සුන්දරයි. ඒ වගේම නැවුම් බවෙන් පිරීලා. හැමදාම හිරු ‍රැස් වලින් හෙම්බත් වෙලා දුක් වින්දට මේ වැලිකැට කවදාවත් ම වියැකෙන්නේ නෑ. මේ පුංචි වැලිකැ වලට බලාපොරොත්තුවක් දෙන්න, ජීවයක් දෙන්න, සිසිලසක් දෙන්න ඉදලා හිටලා හරි වහින මේ වැස්සට පුළුවන්.
දීප මංජරී කියන්නෙත් කොළඹ වෙද පියසේ කලා සංගමයෙන් වෙද සිසුසිසුවියන් වෙත තිලිණ කෙරෙන, කාන්තාරයට ඉඳලා හිටලා වහින වැස්සට සමාන දෙයක්. සරළවම කිව්වොත් තනි පහනකට වඩා එළිය දෙන පහන් සමූහයක්, ඒ කියන්නෙ දීප මංජරියක්, කොළඹ වෙද පියසේ සිසුසිසුවියන්ට අමුතුම අත්දැකීමක් ලබාදෙන්නයි මේ වෑයම.
වෙනදාට අතරින්පතර වෙන art වැඩ කිහිපයක්, 2012 වසරේදී art එකේ අපි සත් දවසක් පුරාවට එක දිගට කල එළි දක්වනවා.ජූනි මාසෙ එකොළොස් වෙනිදයින් පටන්ගන්න මේ වැඩසටහන් පෙළගැස්ම මෙන්න මෙහෙමයි.

  • 11 වෙනිදා 'ප්‍රභාෂ්වරී' ගී දැහැන

කලා මංගල්‍යට අපේ වෙද පියස සැරසුනේ මෙන්න මෙහෙමයි...
  • 12 වෙනිදා 'Caged' නාට්‍ය

  • 14 වෙනිදා 'අපේ පැදුර'

  • 15 වෙනිදා 'අවුරෝරා'
  • 13,14,15 දිනවල දිවා කාලයේ රසවින්දනාත්මක කතිකාවතක්.



දීප මංජරී කලා එළියෙන් සිසුසිසුවියන්ගේ වෙද පියසේ දිවියට අලුත් ම පැහැයක් එක් කරන්නයි අපේ මේ වෑයම.

මේ එක එක වැඩසටහන ගැන විස්තර ඉදිරි ලිපි වලින් ඉදිරිපත් කරන්නම්...

No comments:

Post a Comment